පිටු

Wednesday, April 12, 2023

සයුරු රළක කවිය...

 

මඩකලපු වෙරළ තීරය 



පාළු නැතිවද
ඔය ඔතැන
හුදෙකලාව ම
ඉන්නා ඉඳුම...


"පාළුව" කියන්නේ
කුමක්ද ?
අහස, මහ පොළව, සමුදුර
යාවෙන ඉසව්වක...
ගී මුමුණනා සුළං
රැල්ලක
දැවටී නැතුවාද
ස්නේහය...


ඔව්, මේ මෙතැන
දහසක් ජීවිත
සයුරු රළ හා මුසු ව
දිවමන් වන තැන...


නොඇසේද ඒ විලාපය
කෙමෙන් සන්සුන් ව...
සැනසුම් සුසුම් හෙළනා හඬ....




මඩකලපු වෙරළ තීරයේ ඇති සුනාමි ස්මාරකය.... මේ ප්‍රදේශයේ දසදහසක පමණ පිරිසක් සුනාමි ව්‍යසනයෙන් මිය යන්නට ඇති බව පැවසිණි.





යළිදු දිය ගැඹරට නික්මෙන තුරු මඳ ඉසිඹුවක් ලබන හුදෙකලා ඔරුව...
ජීවිතයට ද එවැනි විරාමයන් අවශ්‍යමයි නේද?

6 comments:

  1. අජිත් ධර්මකීර්ති - ලන්ඩනයApril 12, 2023 at 12:47 PM

    ලස්සන කවියක් තරුරස මල්ලි.
    මල්ලිගේ අත්දැකීමක්ද?

    ReplyDelete
  2. ජැක්සන් කියන්නෙ කතෝලික යෙක් මම කියන්නේ අවසාන වශයෙන් try කරල බලන්න . රෙපරමාදු පල්ලිය කට ගිහින්.
    ඔය ජැක්සන්ට මරණය ප්‍රාර්ථනා කරන සිංහල ජාතිකයින් තරම් කූහකයන් තවත් නැහැ. මගෙ තාත්තාට එන්ජියොග්‍රැම් එකක් කරන්න ගිහින් stroke එකක් හැදිල icu දාලා හිටිය general hospital එකෙ. මාස තුනක් එක දිගට mechines වලින් පන තියා ගෙන හිටිය. මමයි මල්ලියි දෙන්න උදේ හවස තාත්තව බලන්න යනව. ඒත් කිසිම progress එකක් තිබුනේ නැහැ

    දවසක් දවල් මම ගියාම , ඩොක්ටර් මට අඩගහල කිව්ව හෙට උදේට mechines ගලවනව. ගෙදර අයට ඇවිත් අවසාන පාරට බලන්න කියන්න කියල මොලය මැරැන කෙනෙක්ව මාස තුනක් තිස්සේ මෙශින්ස් වලින් තියාගෙන ඉන්න බැහැ කියල වැඩක් වෙන් නැහැ කිව්ව .

    මම අසරණ උනා. ගෙදර අයට කිව්වේ නැහැ. මම යන පල්ලියට ගියා. Pastor ට කිව්ව ඒ අය හවස එන්නම් කිව්වා .(මගෙ පරම්පරාවම බෞද්ධ. මම විතරයි කිතුනු එතකම් මම lord Jesus පිලි අරන් තිබුනට බෞද්ධ කිතූනූවෙක්

    හවස ගිහිං අපි ඔක්කොම තාත්තගෙ ඇද ලග ඉදන් pray කරා.
    ඉළග දවසේ උදේ මම ගියේ නැහැ. Mechines ගලවන්න මගෙ අත්සන උදෙට ගන්නවා කියපු නිසා.

    දවල්ට ගියා. මම යන කොට තාත්ත icu එකේ ඇද උඩ වාඩි වෙලා හිටිය.

    මගෙන් ඇහුවා "ඇයි පුතා පරක්කු උනේ .මම හිටියේ දෙහිවල cemetery එකේ ගීතිකා කියනව ඇහිලා මම මෙතනට ආවා කිව්ව ". ඉට පස්සෙ අවූරැදූ පහක් විතර ජිවත් උනා

    අපි ජිවත් වෙන්නෙ මනසේ මවපූ ලෝකයක. මොලය මැරැනත් , vibration කරල විඤානය ගන්න පුළුවන්. ඒ කෙනාට අහන්න පුළුවන්. ඇහෙනව. එයාට (gut එකට) අවශ්‍ය external support එකක් විතරයි විසිරුනු විඤාන තුනම එකතූ කර ගන්න

    දිව්‍ය විඤානය හදවත මවනව. බ්‍රහ්ම විඤානය මොලය මවනව මාර විඤානය මනසේ සම්පුර්ණ රැපයම මවල gut එක තුල වැඩ සිටිනවා .

    මොලය හදවත මැරැනත් gut එකෙ ඉන්න මාර තමන්ගෙ ශරිරය පවත්ව ගෙන යන්න ලොකු උත්සාහයක් දෙනව. මොලය තුල කර්මය ගබඩා වෙලා තියනව. කර්ම ශක්තිය ඉවර නම් බ්‍රහ්ම විඤානය , දිව්‍ය විඤානය කියන දෙකම විසිරෙනව .කෙනෙක් මැරැනම බ්‍රහ්ම විඤානය අහස තුල තියනව. අහස කියල දකින්නෙ තමන්ගේම බ්‍රහ්ම විඤානය. Vibration එකකින් මාර විඤානයට පූළුවන් බ්‍රහ්ම විඤානයට fix වෙන්න. බ්‍රහ්ම විඤානයට පුලුවන් දිව්‍ය විඤානය (universe කියල අපි දකින්නේ මනස තුලම තියන දිව්‍ය විඤානය.) Vibrate කරල හදවත පන ගස්සනව

    මාර ලොකු සටනක් දෙනව තමන්ගෙ ශරිරය පවත්ව ගෙන යන්න. ඒක කරන්නේ gut එකෙ ඉදන් මාර විඤානය තමයි පොලොව කියල අපි දකින්නේ. මේ තුනම තියෙන්නෙ මනසෙ
    තනි කරන්න එපා ආදරණීය යන්. මොහොතකටවත්.

    ReplyDelete
  3. ඉසිඹු ලද විටෙක ලද හුදකලාවක
    වැළලුණු අතීතෙක හොඳටම මලානික
    තතු මතුකොට ලියූ කවියක දෙක තුනක
    දුක් සෝ සුසුම් ඇත හැංගී වැලපුමක

    ReplyDelete
  4. පාළුව තුලත් රැඳෙන සතුට
    අඳුනාගෙන ඇති
    වස්තුන් දෙකම
    එතකොට තනි නැතිව ඇති

    ReplyDelete
  5. අහස, මහ පොළව, සමුදුර
    යාවෙන ඉසව්වක...
    ගී මුමුණනා සුළං
    රැල්ලක
    දැවටී නැතුවාද
    ස්නේහය...

    දැනෙනවා නේ ද ජීවිතය...!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...