අපි උන්නේ එදා අපි ගැනම කතාබහක. කතා වටයෙ එක් තැනකදි ඇයට තමාගේ හඬ අවදි කරන්නට අවස්ථාව ලැබුණා
‘‘මම ඉපදිලා තියෙන්නේ යුද්ධය දරුණු වෙන්න පටන් ගත්ත මුල් කාලේ දවසක එදා අම්මට මාව හම්බ වෙන්න අමාරු වෙලා තියෙන්නේ රෑ... අහල පහල කොතැනකවත් වාහනයක් තිබිලා නෑ. තිබුණත් ඒ රෑ කවුරුවත් එළියට බහින්නෙ නෑ. කොයි වෙලේ කොතනින් වෙඩි උණ්ඩ පුපුරයි ද, බෝම්බ පුපුරයි ද දන්නෙ නැති කාලයක්. අම්මව ඒ අමාරුකම් මැද ම පාර අයිනට එක්කරගෙන ඇවිත් තිබුණා...
පාර අයිනේ බිම ලන්තෑරුම තියල ඒක රෙද්දකින් වහලා වාහනයක් එනතුරු එයාලා පාර බලන් ඉඳලා තියෙනවා. ඒ තුවක්කුවක් පත්තු වෙන්න ඒ එළිය වුණත් හේතුවක් වෙන්න තිබුණ නිසා. හැබැයි වාහනයක් ඇවිත් නැහැ. පස්සේ අම්මට හොඳටම අමාරු වෙද්දි ඒ පාර අයිනේ තිබුණු පුංචි ගෙදරකදී තමයි මම ඉපදිල තියෙන්නෙ. පෙකණි වැල කපල තියෙන්නෙත් පිහියකින්...
අදටත් මගේ අම්මා කියනවා ‘පුතේ උඹ කොහොම ඉපදුනාද, කොහොම ජීවත් වුණාද කියන්න මට අදටත් හිතාගන්න බෑ.“ කියලා.
දෙඅතින් ම මුහුණ වසා ගත් ඇය ( දැන් මැදි විය ද ඉක්මවා සිටින ඒ ශක්තිමත් ගැහැනිය ) පොඩි දැරියක සේ හඬන්නට පටන් ගත්තා. ඒ ඉකිබිඳුම සෑහෙන වෙලාවක් පැවතුණා. අපි තෙත් වුණු ඇස්වලින් බලා හිටියා. ඒත් අපේ හිත් ඉකි ගගහ ඇඬුවා.
ඉකි බිඳුම් සමනය වෙලා ටික වෙලාවකට පස්සෙ ඇය මෙහෙම කිව්වා ‘මම පොතක් ලියමින් ඉන්නවා. ඒ පොතට දාලා තියෙන නම තමයි ‘මට මතක පුංචි කාලේ’.
හය හතර තේරෙන දැරියක වූ දා සිට ඇගේ පවුලේ සියල්ලන් ජීවත් වුණේ අනාථ කඳවුරක. ඉටි පන්දම් එළියෙන්, හඳ එළියෙන්, ලාම්පු කුප්පියේ ආලෝකයෙන් ඉගෙනගත් ඇය සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට පිවිසෙනවා.
‘‘මං කඳවුරේ ඉද්දි විභාග ලිව්වෙ. මාව යාපනේ විශ්වවිද්‍යාලයට තේරුණා. ඒත් මට උදව් කරන්න කවුරුවත් හිටියෙ නැහැ. අඩුම තරමෙ ඉල්ලුම්පත්‍රයට දාන්න එඩ්‍රස් එකක්වත් මට තිබුණේ නැහැ. මගේ සහෝදරියක් මඩකලපුවේ විවාහ වෙලා හිටියා. නැගෙනහිර විශ්වවිද්‍යාලයට මාරුවක් හදාගෙන මම ඇගේ නිවසෙ ඉඳල විශ්වවිද්‍යාලයට ගියා. ඉන්පස්සෙ භාෂා පරිවර්තක කෙනෙක් විදිහට මට මුල්ම පත්වීම ලැබුණේ කොළඹට. ඒත් ඒ පරිසරය දරාගන්න මට බැරි වුණා. ඒ කාලෙ මට සිංහල කතා කරන්නත් අමාරුයි. ( මේ සංවාදය පුරාම ඇය කතා කළේ සිංහල භාෂාවෙන්. ඔව් ඇය භාෂා පරිවර්තිකාවක්... ) අවුරුද්දක් ඇතුළත මම රස්සාවෙන් අයින් වෙලා ආපහු ගමට ගියා. එයින් කාලෙකට පස්සේ තමයි මට රස්සාව ලැබුණෙ.‘‘
යුද්ධය පැවතුණු වසර තිහක් පුරා උතුරු නැගෙනහිරත්, දකුණේත් මෙවන් දුක්බර සුවහසක් තියෙන බව ඇත්ත. මේ එක කතාවක් පමණයි. ඒ ජීවිත ඛේදවාචක, දුක්ඛ දෝමනස්සයන් ඔවුන් දරා ගන්නා ආකාරය, ඒ සියල්ල මැදත් මනුෂ්‍යත්වය, ආදරය, ජීවිතය කෙරෙහි වන අප්‍රමාණ බලාපොරොත්තු නො බිඳී පවත්වා ගන්නා ආකාරය... එය තමයි විස්මය... එක් අතකින් එය මනුෂ්‍ය පැවැත්මේ විශිෂ්ටත්වය පිළිබඳ දිය හැකි හොඳම උදාහරණයක්... තවත් අතකින් ජීවිතයෙන් පළා නොයා, නොනැවත ජීවන අරගලයෙහි අඛණ්ඩව පවතින්නට ලාලසාව දල්වන්නක්...
උතුර දකුණ යා කරන මෙබඳු හෘදසංවේදී මානුෂීය කාරණා රැසක් අපේ හෘද සාක්ෂිය ඉදිරියේ පෙළ ගස්වන අපූරු හසුන් සමුදායක් පසුගිය දිනවල කියවන්න ලැබුණා. පසුගිය වසරේ ගාලුමුවදොර අරගල සමයේ උතුරු මිතුරකු විසින් අරගල භූමියේ ආරියසිංහ නම් දකුණු මිතුරා වෙත ලියන ලිපි පෙළක් ලෙස සම්පාදනය කරන මෙම ග්‍රන්ථය අප සැමගේ අවධානයට යොමු විය යුතු ම ග්‍රන්ථයක් බව මගේ හැඟීම.
දමිළ සාහිත්‍යෙව්දී කරුණාකරන්, අපගේ හිත මිත්‍ර ප්‍රවීණ ලේඛක, සමාජ ක්‍රියාධර සුනිල් විජේසිරිවර්ධන මහත්වරුන් එම කෘතියට සපයා ඇති පෙරවදන් පවා වාර්ගික සහෝදරත්වය, සංහිඳියාව යා කරන පාලම් ලෙස දැක්විය හැකි විශාල සම්ප්‍රදානයන්....
සෙබමාලෙයි අන්බුරාසා පියතුමා විසින් සම්පාදිත මෙම ලිපි පෙළ සිංහලට පරිවර්තනය කරනුයේ දකුණට කිසිසේත් ආගන්තුක නොවන හිත මිතුරු මහාචාර්ය සාමිනාදන් විමල් මහතා. අතිශය සංවේදී මානුෂික පැවැත්ම පිළිබඳ කාරණා මෙන්ම, තියුණු සමාජ, දේශපාලන විචාරයන් රැගත් මෙම කෘතිය සිංහලට නැගීමේ දී ඔහු දක්වා ඇති සුහුරුබව අගය කළ යුත්තක්.
හෙට එනම් අප්‍රේල් 28, ප.ව. 3.00 ට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැත්වෙන ‘‘හිතවත් ආරියසිංහ වෙතයි.“ කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට ඔබ සැමට ආරාධනා... !
ආරාධනා පත්‍ර ලබා ගන්නේ කොහොමද? ආසන කලින් සකසා ඇතිද?
ReplyDeleteවිවෘත ඇරයුම්.... ඕනෑම කෙනෙකුට සහභාගි විය හැකියි.
Deleteමේ බොරු ඇනෝ සමග මගේ සම්බන්ධයක් නැත
Delete'Ajith Dharma.April 28, 2023 at 1:24 AM
Deleteමේ බොරු ඇනෝ සමග මගේ සම්බන්ධයක් නැත '
අජිත්ගේ ප්‍රේම සම්බන්ධයක් තිබුන විපුලි මහත්මිය හදිසියේ අභාවයට පත්වූ බවට වූ සටහනක් දුටුවා.
පිළිගන්න අපගේ කණගාටුව.
මගෙ දෙයියනේ....... අජිත් අයිය පස්සෙන් කට්ටිය පන්නන තරම්....
Deleteමරු! ✍️🙏
ReplyDeleteහ්ම්... අප්‍රේල් 28 කියන්නෙ හෙට නොවැ
Deleteඔව්... මං හිතන්නෙ මම මේ ආරාධනය කරන්න පමා වුණා වැඩියි.
Deleteසෙනසුරාදා වුණානම්
ReplyDeleteඇයි “ආරියසිංහ“ කියන වචනෙම දාලා තියෙන්නේ.
ReplyDeleteඊටවඩා හොඳ නැද්ද
අලහකෝන්,
ඉලංගකෝන්,
තෙන්නකෝන්,
වෙල්ලාලගේ,
වන්නිආරච්චි,
සිල්වා,
පෙරේරා,
ප්‍රනාන්දුපුල්ලේ
වගේ සිංහල නමක් දාන්න හිතුනෙ නැත්තේ.
ඔය නම ඇහුව ගමන්ම ලියපු දෙමළාගේ මොලේ වැඩකරන විදිය තේරුනා.
සල්ලිදීලා පොත ගන්නෙ නෑ.
පොත නිකන් දුන්නත් කියවන්නේ නෑ.
පොත නොකියවා පූර්ව නිගමනවලට ඒම අසාධාරණයි. අඩුතරමෙ අවුරුදු තිහක් සාමාන්‍ය දෙමළ මනුස්සය ජීවත් වුණේ කොහොමද කියල දැනගන්නවත් මේ පොත කියවන එක වටිනවා. එහෙම දැනගැනීමේ උවමනාවක් ඇත්නම් පමණක්... මේ කමෙන්ට් එකෙන් ලියපු සිංහලයගෙ මොළේ වැඩ කරන හැටිත් තේරෙනවා... ඒ වගේ ආරියසිංහලට තමයි ඇත්තටම මේ ලිපි ලියල තියන්නෙත්.....
Deleteමම ආරියසිංහ කෙනෙක් නෙමෙයි. ආරියසිංහලා හිටියේ අවුරුදු 70කට විතර ඉස්සර
Deleteදෙමළ ජාතිවාදියෝ තාම දන්නෙ නෑ සිංහල ජාතික වාදය මතවාදීව ඉදිරියට පරිනාමයවෙලා තියෙනවා කියලා. දැනගත්තත් ඒක දෙමළ බයියන්ට දැනගන්න ඉඩ තියන්නේ නෑ.
මේ පොත බලලා වැඩක් නෑ. මම ඒ වෙනුවට මම යූ ටියුබ් වලින් පල්මානික්කම්ගේ පණ්ඩිත වාක්‍ය ටිකක් අහන්නම්. දෙකම එකයි.
කොමෙන්ට් සිංහල කතෝලිකයෝ රාසමානික්කම්ට *කදෙන්න පොරකනවා දකින්න පුළුවන්. සිංහලකතෝලිකයන්ට පල්මානික්කම් පේන්නෙ ජේසුවගේ වෙන්න ඇති.
තරූ, මගෙ blog එකේදී ලියැවුණු 'හරෝහරා! - දොළොස්වෙනි කොටස' මතක් වුණා. යුද්ධ කාලේ උතුරේ සේවය කළ අයස්මන්ත පීරිස් දොස්තර මහතාගේ අත්දැකීම් ගැන එතනදී කියවුණා.
ReplyDeleteමෙන්න ටිකක්:
‘නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේදී...
2014. 02.14
දයාබර නිමල් අයියේ.....
...... වරහන මැණික් ගඟේ වැලිතලාවේ, හින්දු චාරිත්‍රයක් වන පාද යාත්‍රාවේ ඇවිත් දෙමළ ජාතිකයන්ට විවේක ගන්නට ඉඩ නොදීපු සිංහල නඩ (හැම නඩයක්ම නොවේ.) මටත් තවම මතක් වෙනවා. එහෙම කළ ඔවුන් ගැන අවමානයක්, වෛරයක් මගේ හිතේ නෑ. අනෙක් මිනිහා ගැන තීරණය; විනිශ්චය කරන්න හෝ තීන්දු ගන්න මට නෛතික බලයකුත් නෑ. ඇත්තටම බැලුවොත් සදාචාරාත්මක අයිතියකුත් නෑ! ඒ සිදුවීම තුළින් අපි යම් අධ්‍යාපනයක් ලැබුවා නේද නිමල් අයියේ; මට ඒ ගැන හරි සතුටුයි.
-මගේ රාජ්‍ය සේවයේ මුල ඉඳලාම, මගේ වාසනාවට සේවය කරන්න ලැබුණේ වියළි කලාපයේ. එයිනුත් රජරට, පොළොන්නරුව, කන්තලේ, සේරු නුවර. කෙටි කාලයකට වවුනියාවේ හා යාපනයේ සේවා කළ කාලයත් ජීවිත විශ්ව විද්‍යාලයයේ නේවාසිකව ..... හැදෑරූ අතිදුෂ්කර පාඨමාලා හා සමානයි.
-විශේෂයෙන් සේරු නුවර/ සේරුවිල කලාපයේ සේවය කළේ එල්ටීටීඊය අලිමංකඩ අත්පත් කරගත් කාලයේ. ආරක්ෂක මුරපොල හතරක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක බස් රථයෙන් බහිමින්, පරීක්ෂණවලට ලක් වෙමින් යන-එන ගමනේදී ජීවිතයේ අනිස්ථිර බව හදවතටම හඟිමින්.
කොයි වේලේ කොතැන ක්ලේමෝ බෝම්බයකට දිවි පුදාවිදැයි නොදනිමින් ගත කළ කාලය වරහනදී මට මතක් වුණා, නිමල් අයියේ.
‘...... මුළු පළාතටම විදුලිය නැහැ. රෝහල් වැටට අල්ලපු වත්තෙ පොලීසිය. රේඩියෝ සංඥා හරහා ත්‍රිකුණාමලය හා සම්බන්ධ විය හැකි දුරකතනයක් තිබුණෙත් එහි විතරයි. මුළු පැත්තටම. රාත්‍රිය පුරා මෝටාර් පුපුරණ හඬ එක්කයි නිඳාගත්තේ.
-මුළු කාර්ය මණ්ඩලයත්, රෝගීනුත්, මාත් කෑවේ රෝහල් කෑම. කිසි රහක් නැති ඒ කෑමත් මම තලු මරමින් කෑවා, බඩගින්නට.
දුරකතන, රූපවාහිනී, රේඩියෝ නැති මට පාළුව මඟ ඇරගන්නත්, කල් මරන්නත්, ආයුධයක් හැටියට තිබුණේ මගේ වෛද්‍ය විද්‍යා මහ පොත ‘Oxford Text Book of Medicine’ පමණයි. ඒ මම විවාහවූ මුල් දවස්.....
-මගේ ගැබ්ගත් බිරිය කොළඹ. මම ත්‍රිකුණාමලේ. ඈත වනගත පෙදෙසක ජීවිතයටද අස්වාමිකව..............
-අසල මහින්දපුර ‘No fire Zone’ එකෙන් එහා නිල නොලත් එල්ටීටීඊ අඩවියේ සිට එන දෙමළ රෝගීන්ගේත්, මෙහා පැත්තේ සිංහල රෝගීන්ගේත් ඇස්වල තිබුණේ බිය, සැකය, ද්වේෂය. මෙය දකින්න මම හොඳටම පුහුණු වුණා, නිමල් අයියේ.
‘..... තද ගිනි කූටකේ ගුරුනගර් සිට අම්මා-තාත්තා හදිසියේ මියගිය අවුරුදු හතර-පහ වයසැති ළමයි උණෙන් පෙළෙද්දී, එයාලව තුරුල් කරගෙන කිලෝ මීටර් 11-12 දුර ජීවිතයේ අඩමානෙන් එන අත්තම්මලා ඕපීඩී එක අරිනකම්, යන්තම් වැටෙන හෙවණ තීරුවක බිම වාඩිලා ඉන්නවා අයියේ, ඔයාලා දැකලා තියෙනවාද?
-ඒ ඇවිත් පැරසිටිමෝල් පෙති කීපයක් ගෙන ආපසු පයින් ගුරුනගර් යන්න හදන එයාලව වළක්වා, බොරු රෝගයක් හරි ලියා වාට්ටුවේ නවතා දවස් දෙකක් පමණ කන්න-බොන්න දී විටමින් පෙති, යකඩ පෙති දී මන්ද පෝෂණය පොඩ්ඩක් හරි නිවැරැදි කරන එක කළ යුතු වැඩක් මිස උත්තම ක්‍රියාවක් නෙවෙයි නේද?
-එහෙම නැත්නම් බුවා වෙන්න හැදුවාවත්ද මම?.......
-2001 මාර්තු මාසයේ යම් දවසක අලුයම දෙකට පමණ.....
-මහින්දපුර, එල්ටීටීඊ අත්පත් කරගත් භූමියට මෙහා ඇති අවසාන හමුදා කඳවුරට අත් ට්‍රැක්ටරයක් ආවා. සෙබළු සීරුවෙන්. අත් ට්‍රැක්ටරයට රයිෆල් මෑනිලා. බියපත් දෙනෙත්, ට්‍රැක්ටරයේත්, කඳවුරෙත්.... ට්‍රේලරයේ පිදුරු අතුරලා.
ට්‍රැක්ටර් ට්‍රේලරයේ දෙමළ යුවතියක් විළිරුදාවෙන්.... ඒ ආවේ වෙස්වලාගත් කොටි සෙබළියක් නං? වටේම හිටි හමුදා සොයුරන්ගේ රයිෆල් මෑනිලා !
-දෙමළ යුවතියක් ප්‍රසව වේදනාවෙන් ඇකිලෙනවා.... කෙඳිරි ගාන්නත් බයේ..... ඇඳුම් ලේවලින් තෙත් වෙලා. හමුදා සෙබළු වහ-වහා ඇයව රෝහලට එව්වා.
ඒ විදිහට ලේ නාගෙන ආවේ කොටි සෙබළියක් නම්?
https://nidigepanchathanthare.blogspot.com/2019/10/blog-post_11.html
ස්තුතියි නිදි අයියේ මේ සටහන බෙදා ගත්තට. මෙවැනි අත්දැකීම් කොයිතරම් ඇත්ද? මටත්බොහෝ අවස්ථාවල ඒ ජීවිත අත්දැකීම් අහන් ඉන්නට, ඒ අඛණ්ඩව ගලන කඳුළු දකින්නට සිදුවුණා. ඒක ලොකු දුකක්. වරදකාරී හැඟීමක් දැනුණු අවස්ථා. තවත් පැත්තකින් ඒ ජීවිත බෙදාගැනීම් හරහා අපි අතර ඇති වුණු තේරුම් ගැනීම, අවබෝධය, අලුත් බැඳීම් ගැන සතුටක් දැනෙනවා...
Deleteමට දැනෙන්නේ ලංකාවේ මිනිස්සු තවමත් ජාතිවාදයෙන් මිදිලා නැති බවක්...සිංහල දෙමල මුස්ලිම් නැතුව සි ලාංකික කියල හිතන්න තරම් හැකියාවක් නැති නොදියුණු කුහක පිරිසක් ...
ReplyDeleteI'm Srilankan Tamil
DeleteI am proud of you