සිත්තම - Christy Olsen
|
තැනින් තැන විසුල සුදු මල් ය
එමත දැල්වෙන ඉටි පහන් පොකුරට
එක් කරමි සුසුමින් දැල්වූ මේ ඉටි පහන....
බොඳ වෙමින් මැකී මැකී යන
අවසන් සිනා සිත්තම රැගෙන
ඉහත්තාවේ නැගුණු කුරුස කණුව
සරදම් කරනුයේ ඔබට ද.. මට ද...
මධුවිතක දිය කළ ජීවිතේ මහා බර කුරුසිය
දුහුවිල්ලට ම මුසු කොට
සැනසුමෙන් නිදන්නෙද ඔබ මෙතැන
හුදකලා සුසුමක් තබා යන්නද තනියට...
තියන සුසුමත් නුඹ ලග
ReplyDeleteතියා නොතියා යන්න
ආයෙමත් එපා එන්න
නුඹ හඩන හඩන වාරයකට
හඩන්න බැරි කමට
වෙලා මම අසරණ..........
හරි හරි.. එහෙනම් මම සුසුමත් අරගෙනම යන්නම යන්නම්...
Deleteමධුවිතට
ReplyDeleteදියවූවද නොවුවද
එයම පමණයි
දිනෙක හිමි
සත්‍යයකි.. ඒත් අකාලයේ ජීවිතේ අත්හරින්නට සිදුවෙන එක නම් ඛේදවාචකයක්.
Deleteමේ කවිය රසවිඳින්න වෙලාව මදී. හෙට ඇවිත් කියවන්නම්...
ReplyDeleteහ්ම්.
Deleteසැනසුමක් කොයින්ද
ReplyDeleteමා නිදන පස් යට
ඔබ ඇවිත් හෙලන විට
සුසුම් හරි උණුසුමට
විඳගන්න බැරිව ඒ
සුසුම් හදවතට
ඉතින් කිම නුඹ එන්නේ
මළ නමුත් මා
රිදවන්න.
මනෝ.......මේ පද තුලත් ලොකු කතාවක් කියවෙනවා. නියමයි!!
Deleteහ්ම්... මනෝජ් මල්ලිත් කවියෙක් වෙලා. සතුටුයි.
Deleteලස්සන සිතුවිලි ටිකක්...
ReplyDeleteඑහෙමද?
Deleteඉතාම අලංකාරයි. බොහොම රසවින්දා. ඔබට බෙහෙවින්ම ස්තූතියි..
ReplyDeleteඔබටත් තුති.. කවියක් විඳින්න මේ පැත්තෙ ආවට.
Deleteතරු.......................
ReplyDeleteකවිය නම් ඉස්තරම්... ඇත්තමයි හරිම කලාත්මකයි.......... සුන්දරයි...........
ස්තුතියි.
Delete