වැටෙයි පිණි කැට
සට සට...
සඳට අමතක
රැයක පසු යම
හීත හී තුඩු ළයේ ඇමිණී
ගැහෙයි හදවත...
පිච්ච කැකුලක
සුවඳ පාවී
ලිහෙයි හෙමිහිට
නිදි ගැට...
විවර වූ කවුළු තිර
ඇසිපියක තවරයි
පහන් තරුවක
මඳහස..
හෙමින් පිබිදෙන
පෙමින් නැහැවෙන
ලොවක් අබියස
සුසුම වුව සිහිල ය
නිවෙයි හදවත....
කවි දෙකම අපූරුයි තරු අක්කා... අපරාදෙ පෝස්ට් දෙක්කට දාන්න තිබ්බ ඇත්තටම අපූරු ලස්සන කවි නිර්මාණ දෙකක්....
ReplyDeleteජයවේවා
අදහස අගෙයි... ඔන්න මම කවි දෙකක් විදියට පළ කලා.
Deleteහ්ම් ඒකත් හොදයි
Deleteලස්සන කවි සිත්තමක් !!
ReplyDeleteඅපුරු පද පෙළක්.මේක මඟ හැරුනේ එකම දවසේ දෙකම දාපු නිසා වෙන්න ඇති.
ReplyDelete