පිටු

Monday, December 15, 2014

කොහිවෙද ලියු ඒ පෙම් කව


ගැට පිච්ච මල් පඳුර
කුළුඳුල්ම හසරැලි පාගෙන
පේ වී බලාන උන්නේ
හුදකලා පුංචි ගෙමිදුලක......

දොරගුළු හැරෙන කණිසමට
හුළඟත් එබිකම් කර කර
සුවදුක් කෙලෙසද විමසයි
සිහිලැල් අත්ලෙන් පිරිමැද.......

සුවඳ දුම් සුවඳක් ඇහැරී
සුළඟට හාදු පුදන සඳ
පිච්ච මල් පොකුරක් ළංවෙයි
මරිය මව් තුරුළට හෙමිහිට.......

මුතු කැට සදිසි තරු කැට
අහසම අයිති කරගෙන
හුදකලා කුටියක තරුවක
කවි හිත පාරවන විට...

කදෝකිමි පහන් එළි දැල්වෙයි
බැද්ද වට අඳුරට තනියට
මතක පොත සිතුවිලි පමණකි
කොහිවෙද ලියු ඒ පෙම් කව......


2014.12.13

8 comments:

  1. එදා ලියු පෙම් කව
    නැවුම් පිච්ච මල් සුවඳ කැටිකොට
    තවමත් ඇත හදවතේ මතක පිටු අතරම

    ReplyDelete
  2. හරිම ලස්සනයි.............. කවිය රූපක මවනවා කියවාගෙන යද්දි........... නිර්මාණය අගෙයි..........

    ReplyDelete
  3. ලස්සන කවි සිතුවිල්ලක් !!

    ReplyDelete
  4. /* පිච්ච මල් පොකුරක් ළංවෙයි
    මරිය මව් තුරුළට හෙමිහිට */

    කතෝලික සුරුවම් ආශ්‍රිත මල් පූජාවක් ගැන මේ ඇහුවාමයි!

    ReplyDelete
    Replies
    1. වන්දනා පිළිවෙත්වලට මල් සම්බන්ධ කරගැනීම කතෝලික ආගෙමත් තියෙනවා. අපේ ගම්වල හැන්දෑවට මල් තැබීම, පහන් දැල්වීම එන්නෙ සමහරවිට බෞද්ධ සංස්කෘතියේ ආභාෂයෙන් වෙන්නත් පුළුවනි.

      Delete
  5. පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ..
    එය මකා දමා ගිය හැටි රහසේ..
    නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
    පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ...

    නුඹ යන්නම යන්නම යනවානම්
    මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...//
    යලි එන්නනම එන්නම හිතුනේ නම්
    නුඹ එන්න එපා මගෙ හිත තහනම්..

    පෙම් කවක් ලියූ නුඹ...

    හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
    දුන් සතුට එපමණද මට පවසම්...//
    සඳ එලිය පොළොවටයි හිමිවූයේ..
    සඳ අහසෙ රැදුනාට රත්තරනේ...

    පෙම් කවක් ලියූ නුඹ...

    ගායනය : කරුණාරත්න දිවුල්ගනේ

    ReplyDelete
    Replies
    1. ලස්සන සින්දුව......... ස්තුතියි අදහස් දැක්වූ හැමදෙනාටම.

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...