පිටු

Tuesday, December 23, 2014

තෑගි මල්ල අරන් ඈත හෙමින් කවුරුද එන්නේ


මං පුංචි කාලෙ කතා පොතක් තෑගි ලැබුණ නම් ඒ ඉතාම කලාතුරකින්. අහම්බෙන්. ඉතින් පුංචි කාලෙ මඟහැරුණ ලස්සන ළමා කතා කියවීමේ පිස්සුවක් තාමත් මට තියෙනවා. ඒ නිසාම රස්සාවක් කරන්න ගත්තට පස්සෙ මම ම ඒ මඟහැරුණු පොත් මිල දී ගත්තා.

මගේ මුල්ම පොත් තිළිණය ගැන , කියවීමේ උත්පත්ති කතා , කියවීමේ මල් සමය ගැන මම මීට කළින් ලියලත් තියෙනවා. දැනටත් මං හරිම ආසයි ළමා කතා, නව යොවුන් කතා කියවන්න. ඒ පොත් එකතුවකුත් මා ළඟ තියෙනවා ගෙදර එන පුංචි අයට කියවන්න දෙන්න.



පුංචි අයට තෑග්ගක් දෙද්දි වුණත් පොත් තමයි මං වැඩියම තෝරගන්නෙ. ඒ මොකද සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම් අරන් දෙන්න කැමති වැඩිහිටියො ඕන තරම් හිටියත්, පොතක් තෑගි දෙන්න කැමති අය හරිම අල්ප නිසා. අනික ඇඳුම් සෙල්ලම් බඩු තෝරනවට වඩා පොත් සාප්පුවල රස්තියාදු වෙමින් පොත් තෝරන්න මං කැමතියි.

මෙදා සැරෙත් අපේ ගමේ නත්තල් සීයා ළමා පොත් ටිකක් තෑගි දෙන්න ලෑස්තියි.


ඔයාලටත් පුළුවනිනෙ නත්තල් සීයා කෙනෙක් වෙන්න, ගමේ අහළ පහළ දරුවන්ට පොතක් තෑගිදෙන්න.

14 comments:

  1. හොඳ අදහසක්.. සුභ නත්තලක් වේවා!

    ReplyDelete
  2. සුබ නත්තලක් වේවා

    ReplyDelete
  3. අපිට මොන නත්තල්ද? ඔබට සුබ නත්තලක්

    ReplyDelete
  4. Replies
    1. නත්තල් සීයා වුණා නම් ඔයත් ලස්සනට ඉඳීවි. සුබ නත්තලක් මල්ලී ඔයාටත් පවුලේ සැමටත්.

      Delete
  5. හොඳ වැඩක්. සුබ නත්තලක් ඔයාටත්..

    ReplyDelete
    Replies
    1. මේ අපි හැම අවුරුද්දකම කරන වැඩක්.. තව පුංචි පුංචි තෑගි ටොෆි චොක්ලට් බැලුම් හෙමත් දෙනවා... පුංචි දෙයක් උණත් ඇති පොඩි අය හරිම සතුටු වෙනවා නත්තල් සීයා අතින් තෑග්ගක් ලැබෙද්දි...

      Delete
  6. ඔබට ප්‍රීතිමත් නත්තලක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඔබටත් සුබ නත්තලක්..

      Delete
    2. ඔව් ඔව් හැලපේ................. අලුතෙන් අදින්න සීයා කෙනෙකුත් ඔ්නේ නැහැ.. හැලපේ කොහොමත් ඒ වයසේනේ... හැලප බෙදන්න බැරියෑ ගමටම..................

      Delete
  7. සුබ නත්තලක් වේවා තරු..!!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...