පිටු

Friday, December 19, 2014

දුර ඈත ඉගිළ ගිය කුරුල්ලෝ

by artist Martin Ridley

අසිරිමත් කොදෙව්වය
නිදහස් ය... නිවහල් ය..
නිලන නිල්ල ය
සොඳුරු කැල්ම ය
දිලෙන සිල්ම ය
කුවෙර පුරම ය...

ගිම්හානයේ සැඩ
හිරු රැසින් කම්පිතව
දුර ඈත ඉගිළ ගිය කුරුල්ලෝ
දැන් ඉතින් පියාඹා
එන්න නිසි කාලයයි
වසන්තේ උදාවයි....

යසිසුරින් පිරි
අසිරි පුරවර
පස් පියුමෙන් සුසැදි 
පොකුණු ය
පියුමෙන් පියුම විකසිත
පියුම් කුළුණු ය..
ගව්වෙන් ගව්ව
සුපසන් මාළිග ය...
රජ මැති ඇමති සහ වැසි
යෙහෙන් නිති වැජඹෙති...
තුඩ තුඩ දනන් මුව
යශෝ ගීතිකාවෝ රැව් දෙති...

හද දැරූ සුවහසක් සිහින ද
තුඩ දැරූ විරු සමරු ගීත ද
තටු ලිහී ගිලිහි කවි සම්පත ද
සිසිරයට විසුරුවා යළි එන්න...

අවැසි නැත දැන් ඒ සියල්...

එකම තනුවට එකම ගීතය
එකම හඬකින් ගයනා
තටු බිඳුණු විහඟ බලමුළු
හැම හන්දියක රැඳෙනා..

17 comments:

  1. අාපහු එන්ඩ කාලේ හරි උනාට ආපහු එයිද?
    පට්ට...

    ReplyDelete
    Replies
    1. කුරුල්ලන්ට තමන්ගෙ මව්බිම අමතක කරන්න බෑ...

      තුති.

      Delete
    2. කාක්කො කොටයිද?

      Delete
  2. අපූරුයි ඈ
    මේ තරු අක්කෙ
    මොකද අර පොතක් කරන අදහස ගැන ආයෙ හිතල බැලුවොත් පට්ට කවි ටිකක් ඉතුරු වෙලා තියනව නෙව දැං

    ReplyDelete
    Replies
    1. කවි පොතක් කියන්නෙ මගෙ හීනයක්.. දවසින් දවස ඒ හීනයට ළං වෙනවා කියල හිතෙනවා. බලමු හොඳේ. ස්තුතියි මල්ලි.

      Delete
    2. ඒ හීනේ එළිවෙනකං අපිත් බලාගෙන ඉන්නවා ,සුබ පැතුම් රසී අක්කේ

      Delete
    3. ස්තුතියි මල්ලි.

      Delete
  3. Replies
    1. හ්ම්.. හ්ම්... අතළොස්සකට නේද?

      Delete
  4. සියතුනේ අසන්න
    එපා දැන්මම මෙහි එන්න
    තවම නැහැ නිදහස
    රිසි සේ පියඹා යන්න
    රාක්ෂයින් හැම තැනම
    ගොදුරු කර ගනී උන් නුඹව
    ඉතින් ඉවසන්න එන තුරා දවස
    නිදහසේ පියඹාන්න.

    ReplyDelete
    Replies
    1. මනෝජ්ගේ කවීත්වය බලාපල්ලාකෝ........................

      Delete
    2. මනෝජ් මල්ලි හෙමිහිට සුන්දර කවියෙක් වේවි.

      Delete
  5. තරූ.......................

    කවිය නියමයි......... හරිම ලස්සනයි...................

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...