පිටු

Wednesday, March 1, 2017

‘‘තරුරසී‘‘ට ඉස්කෝලෙ යන්න කාලෙ හරි..!!!


අවතැන් හිතකට විසල් අහසක
සෙනෙහසක් බන්දා
හුදකලා කඩදහි අකුරු
නෙතින් නෙතකට කැන්දා
මඳහසත්, සුසුමත් එක ලෙස
ස්නේහයෙන් දෝත රන්දා
බෞතිස්ම කොට අලුත් ලොවකට
‘තරුරසී‘ ලෙස මා උපද්දා
පස් වසක සැමරුමයි අද දින
කල් ඉකුත් වූවාද මන්දා...



21 comments:

  1. ඔහ්.. සුභ පැතුම්! (ඒ එක්කම හොඳ ඉස්කෝලයක් ලැබෙන්නත් කියල ප්‍රාර්ථනා කරනවා)

    තරුරසී බබා ඉස්කෝලේ යන්න ගත්තමවත් කම්මැලි නොකර දිගටම අකුරු ලියයි නේද?

    ReplyDelete
    Replies
    1. හරියකට අකුරු ඉගෙනගත්තට පස්සෙවත් ඵලක් ඇති දෙයක් ලියයිද බලමුකො...

      හොඳ ඉස්කෝල ගැන හිතද්දිත් ඔලුව රදේ හැදෙනවා නේ?

      Delete
  2. ජයෙන් ජය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා තරුරසී චූටික්කිට

    ReplyDelete
  3. දැන් ළමායි යුනිෆෝම් වලට වවුචරේ එහෙම ගත්තද?

    Congrats!

    ReplyDelete
  4. මගේ සුබ පැතුම් නංගී! ජයම වේවා! මම ඔබගේ ලිවීමට බොහෝ ප්‍රියයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ... මේ බ්ලොග් එක නිසා දැන අඳුනගන්න ලැබුණු සහෝදර සහෝදරියන් අප්‍රමාණයි. ඒ අතර ඔයත් කෙනෙක්...

      Delete
  5. Replies
    1. ස්තුතියි ප්‍රා.. අපේ සම්මානනීය කමෙන්ට්කරු.. ඒත් ප්‍රා කියද්දි බයත් හිතෙනවා.

      Delete
  6. අපි නම් තරු බබා ගෙ බර්ත්ඩේ පාටිය ගන්නවලු නේද.....සුබම සුබ උපන්දිනයක් නංගී...වඩා හොඳ දේ ලෝකයට දෙන්නට තව තවත් ඔබේ පන්හිඳට දිරිය ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විසිරි අක්කා...

      බබාල ටික ඔක්කොම එකතු වෙලා උපන්දිනය සමරන්න තමයි හදන්නෙ...

      Delete
  7. සුභ පැතුම
    පුදමි මම....

    ජයවේවා!!!

    ReplyDelete
  8. දැන්නෙ ආවෙ...
    සුභ පැතුම් අක්කේ... සාර්ථක විදිහට තව දිගු ගමනක් යන්න...

    ReplyDelete
  9. සුභ පැතුම් තරූ... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර, ඔයා පළමුවෙනි උපන්දිනයට ලියපු කවිය මේ...

      අඳුරු අහසක පිපුණු තරුවක එළිය මඳ මුත් නැත නැසී
      නොනිමි ගමනක ලකුණු මගතොට තබා පෙන්වන මග නිසී
      කතර වියැලුණ පවස නිවමින් වැටෙන සිහිලැල් මල් වැසී
      දිලෙන පහනක එළිය යට හිඳ අඳින සිතුවිලි තරු රසී

      තරුරසී පලමු අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම්!!!

      Delete
    2. ඔව් මට මතකයි :) ඊයෙත් කවියක් ලියන්න ඕනෙ කියල හිතුවට දැන් නම් වේලාව හොඳටම මදි...

      Delete
  10. ඒ අවුරුදු පහේ හුරතල් බබාට අපිත් ආදරෙයි ගොඩක්.

    ReplyDelete
  11. අවුරුදු 5 ට ඔන්න අපෙනුත් සුබ පැතුම් තරූ අක්කේ..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...