ඉස්සරම දවසක
ඉල්ලීම් කිසිත් නැතිවම
එක්කරන් ගියා මතකයි
සිනමා සිත්තමකට...
කාෂ්ටක අගනුවර
උතුරු ධ්‍රැව සීතල ය
අසරණවූ සාරි පොට
උරතලෙහි වාරු කොට
ඔබ උන්නෙ තිරයේම
ඇස් දෙක අලෝගෙන......
අතරමැදි විරාමෙදි
නැගී කිසිවක් නොකියාම
පුංචි එකෙකුට වගේ
කන්න බොන්නත් අරගෙන
ආයෙ ආවේ ඔබ
අත්දෙකම පුරෝගෙන...
මං බලා උන්නේ
තුන් හිතම පුරෝගෙන...
රාමුවෙන් රාමුවට ජීවිතය කතා කළ
ඒ එදා දවසෙයි
අඳුන ගත්තේ මං
ආදරේ මුලකුරු
පෙරළ ගත්තේ මං
ප්‍රේමයේ පළමු පාඩම...
කියවගන්නත් පෙර ම පොත
පිටුවෙන් පිටුව ඔබ ඉරා දැම්ම
දරාගන්නම බැරි කමට දුක
මං පොත ම වසා දැම්ම...
දරාගන්නම බැරි කමට දුක
ReplyDeleteමං පොත ම වසා දැම්ම
eකැ තමයි නියම තැන
දුෂ්කරම තැන...
Deleteහ්ම්ම්ම්...
ReplyDeleteහ්ම්ම්ම්
ReplyDeleteහ්ම්... හ්ම්... දෙකයි...
Deleteඉවරෙටම ඉවරයි !
ReplyDeleteකවියද?
Deleteබැලුවද? ඒ නළුවට නම් මම ආසයි. මොකද්දෝ අමුතු නළු ගතියක් තියෙනවා ඔහුගේ.
ReplyDeleteකවිය නම් මාව ඌයියා කළා
Oh ...
ReplyDeletethe path left apart...
By those who depart
Heart throb !
හයියෝ!
ReplyDeleteප්‍රේමයනම් බලන්නයි හිතාගෙන ඉන්නෙ. මේ සතියෙවත් බලන්නෝනෙ.
සුන්දර වුනාට
ReplyDeleteසිනමා පටය
ජීවිතය නැහැ ඒ
තරමටම සුන්දර
උරතලයේ වාරු වී
පා කරමින් සුසුම්
ඔබ හෙලන විට ආල බැලුම්
දිය මිදෙන සීතල වුව
නොදැනුනා ප්‍රේමයේ
උණුහුමට
පොත ලස්සන වුනාට
කියවගන්න බැරි කමට
පිටු ඉරා දැම්මාට
සමාවෙන්න මට මගේ පවට
///කියවගන්නත් පෙර ම පොත
ReplyDeleteපිටුවෙන් පිටුව ඔබ ඉරා දැම්ම///
හිතට වැදුණු පේළිය...
සංවේදියි. සත්‍ය කටුකයි. හරිම අසීරැයි සැබෑ පෙමක් සොයා ගන්න. ඒ ගැන ලියන්න ලේසියි.
ReplyDeleteApita kohenda book ballo?
ReplyDeleteApi Paw 😢😢😢😢
Hitu api ada balanawa aluth ekak
කියවගන්නත් පෙර ම පොත
ReplyDeleteපිටුවෙන් පිටුව ඔබ ඉරා දැම්ම
දරාගන්නම බැරි කමට දුක
මං පොත ම වසා දැම්ම...
මරු
සබරේ ඇනෝ
තරු, ප්‍රේමය නම් බලන්න දෙයක් නැහැ. විඳින්න තියෙන්නේ....
ReplyDeleteඔයා බැලුවාම යමක් ලියයි කියලා හිතනවා..
ආසයි බලන්න.
ReplyDeleteකවිය නම් වදින්නම ලියලා...
///කියවගන්නත් පෙර ම පොත
ReplyDeleteපිටුවෙන් පිටුව ඔබ ඉරා දැම්ම///
අතීතය මතක් උනා මොහොතකට .. :(
ප්‍රේමය නමි බලන්න ගියා අනුරාජපුරේ සිනෙස්ටාර් එකට
ReplyDeleteමම විතරයි හිටියේ පෙන්නන්න කස්ටිය නෑ කියල
වෙන දවසක එන්න කීව
වෙන දවසේ හිටියෙත් නැ
ප්රේමය නමි ඡීවිතයය
ReplyDeleteඑහෙම ඉවසන්න හැකිද ගැහැණියකට
නමුදු කථාකරන ඇස් තුඩක
තිබුන සෙනෙහස
මහ මෙරක්මය..."ප්රේමය නමි"
සිත්තම නමි එහෙමය