පිටු

Thursday, March 2, 2017

‘‘ප්‍රේමය නම් බලන්න යන්න කවුරුත්ම නෑ...‘‘





ඉස්සරම දවසක
ඉල්ලීම් කිසිත් නැතිවම
එක්කරන් ගියා මතකයි
සිනමා සිත්තමකට...

කාෂ්ටක අගනුවර
උතුරු ධ්‍රැව සීතල ය
අසරණවූ සාරි පොට
උරතලෙහි වාරු කොට
ඔබ උන්නෙ තිරයේම
ඇස් දෙක අලෝගෙන......

අතරමැදි විරාමෙදි
නැගී කිසිවක් නොකියාම
පුංචි එකෙකුට වගේ
කන්න බොන්නත් අරගෙන
ආයෙ ආවේ ඔබ
අත්දෙකම පුරෝගෙන...

මං බලා උන්නේ
තුන් හිතම පුරෝගෙන...

රාමුවෙන් රාමුවට ජීවිතය කතා කළ
ඒ එදා දවසෙයි
අඳුන ගත්තේ මං
ආදරේ මුලකුරු
පෙරළ ගත්තේ මං
ප්‍රේමයේ පළමු පාඩම...

කියවගන්නත් පෙර ම පොත
පිටුවෙන් පිටුව ඔබ ඉරා දැම්ම
දරාගන්නම බැරි කමට දුක
මං පොත ම වසා දැම්ම...





20 comments:

  1. දරාගන්නම බැරි කමට දුක
    මං පොත ම වසා දැම්ම
    eකැ තමයි නියම තැන

    ReplyDelete
  2. Replies
    1. හ්ම්... හ්ම්... දෙකයි...

      Delete
  3. බැලුවද? ඒ නළුවට නම් මම ආසයි. මොකද්දෝ අමුතු නළු ගතියක් තියෙනවා ඔහුගේ.

    කවිය නම් මාව ඌයියා කළා

    ReplyDelete
  4. Oh ...
    the path left apart...
    By those who depart
    Heart throb !

    ReplyDelete
  5. හයියෝ!

    ප්‍රේමයනම් බලන්නයි හිතාගෙන ඉන්නෙ. මේ සතියෙවත් බලන්නෝනෙ.

    ReplyDelete
  6. සුන්දර වුනාට
    සිනමා පටය
    ජීවිතය නැහැ ඒ
    තරමටම සුන්දර

    උරතලයේ වාරු වී
    පා කරමින් සුසුම්
    ඔබ හෙලන විට ආල බැලුම්

    දිය මිදෙන සීතල වුව
    නොදැනුනා ප්‍රේමයේ
    උණුහුමට

    පොත ලස්සන වුනාට
    කියවගන්න බැරි කමට
    පිටු ඉරා දැම්මාට
    සමාවෙන්න මට මගේ පවට

    ReplyDelete
  7. ///කියවගන්නත් පෙර ම පොත
    පිටුවෙන් පිටුව ඔබ ඉරා දැම්ම///

    හිතට වැදුණු පේළිය...

    ReplyDelete
  8. සංවේදියි. සත්‍ය කටුකයි. හරිම අසීරැයි සැබෑ පෙමක් සොයා ගන්න. ඒ ගැන ලියන්න ලේසියි.

    ReplyDelete
  9. Apita kohenda book ballo?
    Api Paw 😢😢😢😢

    Hitu api ada balanawa aluth ekak

    ReplyDelete
  10. කියවගන්නත් පෙර ම පොත
    පිටුවෙන් පිටුව ඔබ ඉරා දැම්ම
    දරාගන්නම බැරි කමට දුක
    මං පොත ම වසා දැම්ම...


    මරු

    සබරේ ඇනෝ

    ReplyDelete
  11. තරු, ප්‍රේමය නම් බලන්න දෙයක් නැහැ. විඳින්න තියෙන්නේ....

    ඔයා බැලුවාම යමක් ලියයි කියලා හිතනවා..

    ReplyDelete
  12. ආසයි බලන්න.

    කවිය නම් වදින්නම ලියලා...

    ReplyDelete
  13. ///කියවගන්නත් පෙර ම පොත
    පිටුවෙන් පිටුව ඔබ ඉරා දැම්ම///

    අතීතය මතක් උනා මොහොතකට .. :(

    ReplyDelete
  14. ප්‍රේමය නමි බලන්න ගියා අනුරාජපුරේ සිනෙස්ටාර් එකට
    මම විතරයි හිටියේ පෙන්නන්න කස්ටිය නෑ කියල
    වෙන දවසක එන්න කීව
    වෙන දවසේ හිටියෙත් නැ

    ReplyDelete
  15. ප්රේමය නමි ඡීවිතයය
    එහෙම ඉවසන්න හැකිද ගැහැණියකට
    නමුදු කථාකරන ඇස් තුඩක
    තිබුන සෙනෙහස
    මහ මෙරක්මය..."ප්රේමය නමි"
    සිත්තම නමි එහෙමය

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...