පිටු

Friday, March 1, 2013

තරුරසීට අවුරුද්දයි....





අද මගේ උපන්දිනය... අවුරුද්දයි මං ඉපදිලා.. 

අම්ම නං කියනවා මිනිස්කමට ආදරය කරන්න.... මිනිස්කම වෙනුවෙන් පෙනී හිටින්න... ලෝකයට ආදරය කරන්න... ජීවිතය විින්න... ඔය වගේ බරපතල දේවල්...

ඒ මොන පණ්ඩිත කතා කිව්වත් එයත් ඉන්නෙ ඇස් අග්ගිස්සෙ කුළු උල්පත් හංගගෙන... මටත් ඒ උරුමය තියෙනවද මන්ද? 

උපන්දිනේ කියල අමුතු අමුතු දේවල් කරන්න හිතක් නැහැ. අම්ම නං කිය කිය හිටිය ලස්සන සටහනක් ලියන්න ඕන කියල මගේ උපන්දිනේට. ඒත් දැන් එයාට ඒක අමතක වෙලා වගේ...

අම්මට මං නිසා ලැබුණු වටිනාම තෑග්ගලු ලිවීමට අභියෝගයක් කරන්න පුළුවන්, ආදරයෙන් තරවටු කරන්න පුළුවන් අතිශය සංවේදී, ආදරණීය හදවතක් හමුවීම.... 

අම්ම කියනව මට ඇහුණා... බ්ලොග් එක එයාගෙ නිර්මාණ එකතු කරන ගබඩාවක් කරනවලු... හෘද සංවේදී ලේඛන කලාවක් ගැන තියන හීනය ඉටු කර ගන්න සතතාභ්‍යාසයේ යෙදෙන හුදකලා කුටියක් කර ගන්නවලු. 

අනේ මං දන්නෑ... ඕව... කොහොම උණත් මං දන්නවා එයා මට හරිම ආදරෙයි කියල. 

මගෙත් හීනයක් තියෙනවා... ඒ හීනය තමයි අම්මගෙ හීන හැබෑ කරන එක... 

ස්තුතියි මේ ගෙවුණු අවුරුද්ද පුරාම මං ළග හිටිය, මට ආදරය කළ හැමදෙනාටම.

තරුරසී


25 comments:

  1. අම්මගේ හීන හැබැ කරදෙන්නට ශක්තිය දෛරිය ලබේවා කියලා ප්‍රරාථනා කරනවා..:)

    ReplyDelete
  2. හැපි බර්ත්ඩේ තරුරසී...

    ReplyDelete
  3. සුභ උපන්දිනයක්!!! ඉදිරිය සුභයි තව ලියමු...

    ReplyDelete
  4. ඔයා නිසා ඔයාගේ අම්මට ලැබුන තරවටු කරලා හදා ගන්න ඕනි කෙනෙක් තමයි මං..හැබැයි අම්මා ඔයාට බනිනවත් ඇති වෙලාවකට, මොකද කොච්චර තරවටු කලත් මං හැදෙන්නේ නෑනේ..ඉතිං ඔයා නිසා තමයි ඒ කරදරකාර කෙල්ල මට ලැබුනේ කියලා.
    එයා ඒම බැන්නට කමක් නෑ..මම ඔයාට ගොඩාක් ආදරෙයි. මොකද ඔයා නිසා තමයි නිතරම ලග නොහිටියත් මම වැටෙන වෙලාවට මට අත දෙන්න දුවගෙන එන ආද‍රණීය අක්කෙක් ලැබුනේ..ඇයි මට ලැබුන ලස්සනම ලස්සන තෑගි අතර තියෙන ගුරු ගීතය පොත ඔයාගෙ අම්මා දීපු එකක්නේ..ඉතිං ඒ තෑග්ග ඔයා නොහිටිය නම් මට ලැබෙන්නේ නෑනේ...ඉතිං මේ අවුරුද්දෙම මං ඔයාට හුගාක් ආදරේ කලා ඉස්සරහටත් ඒහෙමයි. හැබැයි අම්මට නම් කියන්න එපා මම ඔයාට වඩා එයාට තමයි ආදරේ....

    ReplyDelete
  5. සුභ උපන් දිනයක් තරැරසී !!! ඔයායි අම්මාටයි සතුටින් ඉන්න ලැබෙන්න ඔනේ හැමදාම....:) හරියට මම මගේ අම්මාට ආදරේ කරනවා වගේ දැනුනා ඔයාගේ ලිපිය කියවද්දි :) මගේ අම්මත් මගේ පණ ඊටත් වඩා වටිනවා මට නම් :)

    ReplyDelete
  6. සුබ පැතුම් තරු අක්කෝ...!

    ReplyDelete
  7. අඳුරු අහසක පිපුණු තරුවක එළිය මඳ මුත් නැත නැසී
    නොනිමි ගමනක ලකුණු මගතොට තබා පෙන්වන මග නිසී
    කතර වියැලුණ පවස නිවමින් වැටෙන සිහිලැල් මල් වැසී
    දිලෙන පහනක එළිය යට හිඳ අඳින සිතුවිලි තරු රසී

    තරුරසී පලමු අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම්!!!

    ReplyDelete
  8. තරුරසීට සුභ උපන් දිනයක් වේවා...තරුරසීගේ අම්මට ගොඩාක් සතුටු ඇති...පුංචි දරුවෙක් අවුරුද්දකින් ලොකු වෙලානේ...

    ReplyDelete
  9. අපේ සුබ පැතුම් තරු

    ReplyDelete
  10. සුබ උපන්දිනයක් තරුරසී... :)

    ReplyDelete
  11. උණුසුම් සුභ පැතුම්!

    අනික් බ්ලොග් වලට වඩා වෙනස්ම අමුතුම ආකාරයේ බ්ලොග් එකක් මේක.. මට නම් සමහරදාට කමෙන්ට් කරන්ඩ දේවලුත් හිතාගන්ඩ බෑ.. විශේෂයෙන් කවිවලට..

    තව තවත් ලියන්නට ශක්තිය දහිරිය ලැබේවා!

    ReplyDelete
  12. සුබපැතුම් එක් කළ හැම‍දෙනාටම ස්තුතියි... ‍කාලය හරස් ‍වෙලා... තරුරසී තමයි වග කියන්න ඕන මාව ‍මේ තරම් කාර්යබහුල කෙ‍නෙක් කිරීම ගැනත්...

    පහුගිය වසර පුරාම ඔයාල හැ‍මෝම මට ‍ධෛර්යයක් ‍වෙමින් මා එක්ක හිටියා.. ‍ලේඛන කලාවේ, මනුෂ්ය ත්ව‍යේ අළුත් මං ‍පෙත් ‍දි‍ගේ එක්ව යන්නට අත්වැල් බැදගනිමු... ‍සෙ‍නෙහසින්...

    ReplyDelete
  13. ඉචි නෙන් ඔමෙදිතෝ ගොසයි මසු...!!!!!! [පළමු අවුරුද්දට සුභ පැතුම්...!!!!!]

    ReplyDelete
    Replies
    1. අරිග‍තෝ ‍ගොසයිමසු..... මං ආදරය කරන සුන්දර ජපානයෙන් සුබ පැතුම් අරන් ආවට ස්තුතියි... ‍ගොඩක් සතුටුයි.

      Delete
  14. මට පස්සෙ තේරුණේ... මේකේ "අම්මා" කියල කතා කරල තියෙන්නෙ ඔයාටනේ.......
    සුභ උපන්දිනයක් තරුරසී... දීර්ඝායු වේවා!

    ReplyDelete
  15. සුභ උපන්දිනයක්.....!!!
    තව තවත් ඉදිරියට සාර්ථකව ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා!

    ReplyDelete
  16. සුබම සුබ උපන්දිනක් වේවා..!!!
    ඉදිරියට යන්නට... සුබ පැතුම්..!

    ReplyDelete
  17. සුභ පැතුම් වේවා!!!!!!!!!!!!
    තව තවත් හොද පෝස්ට් දාන්න ලැබේවා!!!!!!!!!!

    ReplyDelete
  18. ඔන්න මාත් සුබ පතනවා!!!
    තව දිගු කලක් අපි එක්ක රැඳිල ඉන්න.










    ReplyDelete
  19. ඔන්න අක්කගේ උපන්දිනයට මාත් සුබ පතනවා.
    තව දිගු කලක් අපි එක්ක රැඳෙන්න.

    ReplyDelete
  20. සුභ පැතුම් අක්කේ

    ReplyDelete
  21. තරූ..
    අත්තටම අන්තර්ජාලය හරහා කෙනෙකුට මෙයින් ගත හැකි ප්‍රයෝජනය ඉතාමත් ඉහළයි. තමන්ගෙ හැකියාවන් වර්ධනය කර ගැනිමට හොද රුකුලක්.

    ඔබේ පළමු වසරට මගෙත් සුබ පැතුම්..

    මේදවස්වල අන්තර්ජාලයේ රැදුනෙ නෑ වැඩියෙන්ම.. අදයි අන්තිම මොහොතේ මේක දැක්කේ..

    ReplyDelete
  22. ආදර තරුරසී
    අපිටත් නොදැනීම ඔයාට වසරක් වෙලා....... ඔයාගේ පළමු උපන් දිනය සමරන මේ වෙලාවේ ඔයාගේ අම්මට තමයි ස්තූති කරන්න ඕන අපිව වෙනදාට වඩා කියවිමට පුරුදු කරපු එකට...
    ඉතින් ඔයාට හොදින් ජීවත්වෙන්න පනනල දෙන අම්මාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න පතන්නම්...

    ReplyDelete
    Replies
    1. කාර්යාල‍යේ ‍ලොකු අක්කාට සහ ‍පොඩි නංගීට....
      මං ලියන ‍දේවල් මුලින්ම බලන්‍නෙ ඔයාල‍නෙ... බ්‍ලොග් එක පටන් ගන්න පෙරුම් පුරන කා‍‍ලෙ ඉදන් ඔයාලගෙන් ලැබුණු ‍ධෛර්යය මට අමතක නෑ.. ඒ ව‍ගේම දැන් ඔයාල කියවද්දි, කියවන ‍දේවල් ‍තේරුම් ගන්න උත්සාහ කරද්දි, අළුත් ඇහැකින් ‍ලෝකය දිහා බලද්දි මට පුදුමාකාර සතුටක් දැ‍නෙනවා..

      මෙතනට අඩු නුවර අක්කණ්ඩි... ම‍ගේ ජංගම පුස්තකා‍ල කළමනාකාරතුමිය.... එයත් හිටිය නම් ‍කොයි තරම් ‍හොදද? ඇයි අපේ ලක්.... අඩු තර‍‍මෙ ‘‘ ඇයි ‍මේ පුංචි කවියකට පිටුවක්ම ‍වෙන් කරල... අපරා‍දෙ‍නෙ ‍කොල ” කියන්නවත් ඉන්න තිබුණා... නදී නංගිට මටත් වඩා උවමනාවක් තිබුණා තරුරසී පටන් ගන්න.. දැන් උණත් බලනවා.. කතා කරනවා.. අම්ම ‍කෙ‍නෙක් ‍වෙන්න යන්න නදී නංගිටත් ම‍ගේ සුබ පැතුම්... ‍

      බෝධි අයිය තමයි මං තරුරසී පටන් ගත්ත මුල්ම කා‍‍‍‍ලෙ සමනළ විප්ලවය, රියර් ‍ගේට්, නවම් මාවත, බීට්ල් ලියන අකුරු බලන්න කිව්වෙස...

      පෙර පින් කියන්‍නෙ, වාසනාව කියන්‍නෙ මට නම් ඔයාල ව‍ගේ ආදරණීය මිනිසුන් මුණ ගැහීම.. ඔයාල ඇසු‍රේ ජීවත් ‍වෙන්නට ලැබීම...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...