පිටු

Tuesday, March 19, 2013

මිලින තරුකැට නගන ඉකිළුම




මලකි සබඳ මල් කැකුලකි
කටු අකුලක පිපු‍ණේ වුව
කටු අග විස ගැල්වූ අය
කවුරුන් වේදැයි නොම දැන...

වරද මලෙද කටු අකුලෙද
විස ගල්වන රුදු සිතකද
මල් පෙති මත වෙඩි සලකුණු
තැබුමට කළ පව කිව මැන.....

මුතු කැටයක ඉපුදුණු මුදු
මුතු බිමකම දිවි ගෙව් මුදු
මුතු අහුරක් නොවූ දිවිය
මූදු හතක එපිට යැවුණු....

ගහල කගට බිලි දුන් හිස
නිසල කළෙද විඳි දුක් කඳ
සසල වුණිද කඳුලක් අස
නිසල දිළිඳු මවක ඇසක...


ළා දල්ලකි පවනෙ සැළුණ‍
අරුණැල්ලට පෙරුම් පිරුව
හිනැහෙන්නට වරම් නොලැබ
නුරා ගින්නෙ දා අළු වුණ

රුදුරු වදන් අනග බැලුම්
අඳුරු කළෙන් ලොවම සැ‍ණෙන්
දැදුරු හදින් නොහැක විසුම්
දිවිය ඉතින් නිමා කළෙම්

අපි තරු කැට බාල බොළඳ
ඉර හඳ යට එළිය හොයන
ඒ ඉර හඳ දැවුණු කලෙක
පැරදුම මිස දිනුම කොතැන

මලක මෙලෙක දැන මුදු ලෙස
තරුවක ඇස දල්වනු මිස
දොස් නොකියා දෙස් නොතියා
දැල්වෙනු මැන ඉර හඳ ලෙස


( මල් කැකුළුවල ඉරණම සම්බන්ධයෙන් සයිබර් අහසේ බොහෝ අකුණු , විදුලි එළි, චණ්ඩ සුළං ඇති වුණු මැදින් මහේ මම කවියක් ලීවෙමි. ඒ ''සෙත් කවියක් නොවේ'' නමිනි. එය කවියක් යැයි කීමට වඩා සිතුවිල්ලක් යැයි කීම සුදුසු යැයි සිතමි. මේ එම සිතුවිල්ල නැවත ලිවීමකි. හද රිදුණු මොහොතක ලියූ සිතුවිල්ල කවියට ගොනු කරන්නට ගත් වෑයමකි. )

11 comments:

  1. අපිට මතක තියෙන්නෙ දවස් 14යි කියන කතාව නම් ඇත්ත තමයි. මෙහෙම හරි මතක් කරල දෙන එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මතක් කරන්නමත් නෙමෙයි. මම මේ කවිය නැවත ලිව්වෙ කාව්ය භ්යාිසයක් විදියට... ඒත් මේ වගේ කවි ලියන්න වෙන එකම දුකක්...

      Delete
  2. ගෑනු සීයක් එක්ක නිදිවැදලා පාර්ටි ඒක සමරන්න පාර්ටි දාපු පුංචි කෙල්ලෙක්ව සාමූහිකව දූෂණය කරලා ඒකට රිමාන්ඩ් කරපු සාරුවා සුනිල් කියන දකුනේ දේසපාලකයාව "නිදහස් කරපියව්" කියලා උද්ගෝසනය කරන උන් ඉන්න රටක මේ වගේ කවි නිකම් හුලුඟේ යන අදහස් විතරයි අප්පා . . . . ! ! !

    ReplyDelete
    Replies
    1. හිතේ අමාරුවට ලිව්වට වැඩක් නෑ තමයි.... කවි විතරක්ම නෙවෙයි රටේ ජනගහණයෙන් වැඩි පිරිසකුත් හුළගට ගහගෙන යන තත්වයක් තියෙන්නෙ...

      Delete
  3. සමාජය දැන් දැන් හිතන්නෙ මල් කැකුළු කියන්නෙ කෙළි බඩු කියලයි. මිනිස්සුන්ගේ ආකල්පමයන් වෙනස් වෙනතුරු අපිට මල් කැකුළු ගැන දුක් වෙන්න වෙයි...

    ReplyDelete
    Replies
    1. ආකල්ප වෙනස් කර ගන්න, කරන්න අපි මහන්සි වෙන්න ඕන නංගි...

      Delete
  4. හිතේ අමාරුවට හරි මේ වගේ කවි ලියැවෙන එක කොච්චර දෙයක්ද?
    ලස්සන දෙයක් දුකකින් නිර්මාණය වෙලා. ...

    ReplyDelete
    Replies
    1. කවිය කියන්නේ රිදුමේ, වේදනාවේ ප්රඕකාශනයද? ඒත් එහෙම වෙන්නම ඕනෙත් නැහැ කියල හිතෙනවා. ආදරය, සතුට, නිදහස මේ දේවලුත් කවි වෙන්න ඕන.. මම උත්සාහ කරන්නම්..

      Delete
  5. මිනිස්සුන් තමන්ගේ අවශයතා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පෙලඹිලා, තමන් කරන දේ තමන්ම දන්නෙ නැති තරම් පිරිහිලා.

    ReplyDelete
  6. අපි තරු කැට බාල බොළඳ
    ඉර හඳ යට එළිය හොයන
    ඒ ඉර හඳ දැවුණු කලෙක
    පැරදුම මිස දිනුම කොතැන

    මේ කවිය නම් පට්ටයි.....

    ReplyDelete
  7. බුදුන් වැඩි දේශයලු මේ... වෙන දේවල්වලට කෑ ගහන අයට මේ වෙනුවෙන් මුකුත් කරන්න බැරිද ?

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...