පිටු

Monday, March 4, 2013

ගජමන් නෝනාගේ ආදර තරවටුව ( නැවත ලිවීම )




ගජමන් නෝනා...

පුද කර ජීවිතෙන් අඩකුත්             කවියකට
මුසු කර සෝ සුසුම් අපමණ          කඳුලකට
රස කර තාම පද ගළපන               මහිමයට
අරුමය කිමද ලැජ්ජා නැති            කවිකමට       

කිවිඳිය

කවකට පුද කළේ දිවියෙන් හරි           අඩකී
එනමුත් අත නෑර ගලනා කවි          ගොඩකී
කතරක් වුණත් මහ පොළොවෙම බිම්කඩකී
ලජ්ජා නැති කමත් එක ආදර           ලෙඩකී

ගජමන් නෝනා...

සසරෙම දුක අරන් කැටි කොට එක    මිටින
සුසුමින් පරදු තැබු තුන් යම සඳ          පහන
කවිකම් හිතක උණුහුම හොයමින්   තැවෙන
කවියක කඳුළු  තවරනු ඇයි මේ        ලෙසින

කිවිඳිය

කඳුලක් උණත් කවි පදයක             රැඳුණාම
සුසුමක් උණත් කවියට පණ            දුන්නාම
ළෙංගතු නොවෙද කවිමල් හිත       පිපුණාම
තනිකම අපමණයි කවිකම්            නැතුවාම

 ගජමන් නෝනා...

සුමිහිරි පද බැඳන් ඉගිලෙන කවි            රෑන
විසපිරි දළ මුදාවි ද ඇති                   සඟවාන
සමනළ හීන බොඳ වේවිද තනි             යාන
සංකා බෝම වෙයි මහිතට දුක            ගේන

කිවිඳිය

ආත්මයම කැටි කොට ගත්           කවියකට
ජීවි‍තයම හැකි සෙනෙහෙන්           පුරවන්ට
හැකිකම පුදුම කවිකම් ලද            කවියන්ට
දෙබර විස දලක වුව මල්                පුබුදන්ට

 ගජමන් නෝනා...

දෙමට පොතු කකා කට හම ගියා     නොවේ
හිතක හීන හොරකම් කර ගන්න ‍     නොවේ
පෙමක රිදුම මහිතට අරුමයක්        නොවේ
දැන දැන කඳුළු ඇහිඳීමෙන් ඵලක්    නොවේ

                        
 කිවිඳිය

කවකට පුද කළේ දිවියෙන් හරි           අඩකී
ඉතිරි අඩත් කවටම වෙන් වන           හැඩකි
කවියට දිවිය පුද කළ කවි රන්           වැටකී
ඒ පාමුළ මගේ හිතත් මල්                  මිටකී



 

6 comments:

  1. හරිම අපූරුයි... වෙනස්ම සිතිවිල්ලක්... රහයි....

    ReplyDelete
  2. මගේ කවි රසාස්වාදනය නම් එච්චර හොද නැහැ ,ඒ උනාට මම මේ කවි පෙළ රසවින්දා ....

    ReplyDelete
  3. meke mul kotasak thibunada. mathaketa enne na. e hinda therune nadda manda. kawi nam harima lassanai.

    ReplyDelete
  4. එළි වැට එළි සමය සුරකින කවි පෙළකී
    ඇසු විට මද හසය නංවන පද වැලකී
    රස කොට සඳැස් කවි ලියනට හුරු හැඩකී
    කවියට පෙම් බඳින එකමත් තව ලෙඩකී

    ReplyDelete
  5. ඇත්තටම කවි ටික නම් හරිම රසවත්. මෙන්න මෙවුවානේ කවි කියන්නෙ. නියමයි :)

    ReplyDelete
  6. ගජමන් නෝනට වඩා කවිකාරියෙක්නේ තරුරසී නෝනා :D

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...