පිටු

Friday, November 21, 2014

සිහිනයක හමුවිය ඈ



කොත්තු ගැන ඔත්තු කී
කවිකාරි රසිකා
ශීත සිසිරයේ
හිමිදිරි සිහිනයක
හමුවිණි...

තකමත්සු උයන් කොණ
සකුරා මල් ඉහුණු වීදියක
අවන්හල් පියසක
හිනැහෙමින් උන්නාය හවසක...

සුසර කළ කොත්තු නද
විසිර නොගියද
රසැයි දෙනෙතින්
හැඟවීය ඈ..........

සුවහසක් කොත්තු රස
පරදන
ඔබ මවන කව් රස
අගෙයි මට
හදවතින්ම පැවසීමි මා.....



2014.11.21

14 comments:

  1. කොත්තු කොයි තරම් රසවත් වුවත්
    මිහිරි නොවේ තොත්තුවක් තරම්

    ReplyDelete
    Replies
    1. කවිකාරියෙක් හරි කවි පොතක් ගැන හරිද තරු අක්කා මේ කියන්නේ ?

      Delete
    2. කවිකාරියෙක් ගැන මල්ලි. මූණුපොතේ ලස්සන කවි ලියන්නෙ රසිකා ගුණවර්ධන. එයා දවසක් ලියල තිබුණා කොත්තුයි, ඉඟුරු තේ යි ගැන. ඒ සංවාදයෙදි රසිකා කියල තිබුණා ගෙදරදිම රසට කොත්තු හදාගන්න පුළුවන්... අර කොත්තු සද්දෙ විතරයි අඩු කියල.... එදා මම හීනෙන් දැක්ක ලස්සන අවන්හලක රසිකා කොත්තු හදනවා. එයා කිව්වා සද්දෙ විතරයි අඩු ඒත් කොත්තු රසයි කාලා බලන්න කියල.... මම කිව්වා මට නම් කොත්තුවලට වඩා රසයි ඔයාගෙ කවි කියල..... ඒ හීනය ගැනයි මෙහෙම ලියවුණේ...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අහම්බෙන් ඇවිද ගිය හවසක
    \\\ තකමත්සු උයන් කොණ
    සකුරා මල් ඉහුණු වීදියක\\\
    සිහිනෙන් මෙන් හමුවීය..
    ඒ දෙමිතුරියෝ..
    සින්ඩරෙල්ලා හා තරු අහුර..
    වළා කුලු අතර හිඳ
    මූණු පොත හැඩ කරන
    රසිකාවියකි.. ඈ අසල..
    තරු පොකුරකින් මිදුණු..
    සොඳුරු තරු කැටයක්ය.. :D

    ReplyDelete
    Replies
    1. ලස්සන සිතුවිල්ලක්.... සියල්ලෝම සුමිතුරු.. කොයිතරම් වාසනාවක්ද එය..

      Delete
  4. කවියට නම් හිත ඇදුනා හොදටම..

    ReplyDelete
    Replies
    1. එහෙමද? ඔයාටත් තියෙන්නෙ කවි හිතක්නෙ... ඒකයි ඒ...

      Delete
  5. කවුද රසිකා ? රසික නම් දන්නවා :)

    ReplyDelete
    Replies
    1. රසිකා ගුණවර්ධන..... ඇය මූණුපොතේ සුන්දර කවි ලියක කිවිඳියක්...

      Delete
    2. http://warnarasi.blogspot.com/

      මේ ඇගේ බ්ලොග් එක

      -Nimanthi-

      Delete
    3. ස්තුතියි නිමන්ති... මට එය සඳහන් කරන්න අමතක වුණා...

      Delete
    4. ස්තුතියි නිමන්ති... මට එය සඳහන් කරන්න අමතක වුණා...

      Delete


  6. Rasika Gunawardana .
    දැල්වූ කරදාසි පහන් පෙළ
    සිහින් සුළඟටත් සෙලවෙන
    තවත් දවසක් රැඳෙන්නට
    සකුරා මල් හිතාගෙන
    උදොන් අවන්හල් පසුකර
    ඇවිද යමි තනියම
    මග කියන තාරුකාවක්
    අහස අද්දර හිනැහෙන.

    ස්තුතියි තරුරසී !
    November 21 at 7:18pm · Unlike · 5

    Sandun Priyankara Vithanage අපි ගැන කවි ලියන්නෙ නැද්ද?
    November 21 at 7:55pm · Unlike · 2

    Rasika Gunawardana
    November 21 at 7:58pm · Like · 1

    Sandun Priyankara Vithanage දුක හිතෙන කවියක් වෙන්න ඇති මේ අඬන්නෙ..
    November 21 at 8:22pm · Like · 1

    Tharurasi Fernando හීනෙන් පේන අය ගැන විතරයි කවි ලියවෙන්නෙ.. ඒක හරි අපූරු හීනයක්.. මතක් වෙද්දිත් හිනා. රසිකාගෙ කොත්තුයි, ඉඟුරු තේයි කතාව දැක්ක දවසෙ පාන්දර මේ හීනෙ දැක්කෙ..
    November 21 at 8:22pm · Like · 3

    Yashodha Sammani ඇත්තටම කවියෙක් ගැන කවියක් ලියවෙනව කියන්නෙ කොත්තුවක් කාලා සතුටු වෙන්න වටින හේතුවක් නේද!!
    November 21 at 8:26pm · Unlike · 3

    Tharurasi Fernando රසිකාට දුක හිතිලා සඳුන් ගැන...
    November 21 at 8:28pm · Like · 2

    Roshan Hewavitharana · 43 mutual friends
    ෆේස්බුකියෙ මං දැකපු විශිෂ්ටතම කවිකාරිය රසිකා. ඇගේ කවි තරම් මා රසවිඳි කවි වෙනත් කවිඳියක් අතින් ලියවුන නැති තරම්
    November 21 at 8:56pm · Unlike · 7

    Mahesh Rathnayaka ඒ වගෙම ගල්ම ගල් කම්මැලියත් එයාම තමයි බං තරැ අක්කෙ.
    November 21 at 9:07pm · Unlike · 3

    Rasika Gunawardana .
    හුඟක්ම ස්තුතියි මා ගැන කතා කලාට.හැබැයි ඉතිං මට තව කවි ගැන හුඟාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.සමහරවිට කවදාවත් හැමදෙයක්ම ඉගෙන ගන්නත් කල් මදිවෙයි.මම ලියන කවි වගේ ඒවා හිතට අල්ලනවනම් ඒ ඇති.
    November 21 at 9:18pm · Unlike · 3

    Yashodha Sammani ඔයා තමයි රසී මගෙත් ප්‍රියතම කවිකාරිය
    රිලැක්ස් වෙන්න ඕනෙ උනාම කරන එක දෙයක් තමයි සින්ඩරෙල්ලාගේ සපත්තුව උඩ ඉඳන් පහලටයි පහල ඉඳන් උඩටයි ආයෙ ආයෙමත් කියවන එක.
    November 21 at 9:24pm · Unlike · 4

    Manel K R Fernando
    November 25 at 8:34am · Like

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...