‘‘ඔබ දිවි ගෙවූයේ ලොව ම වෙනුවෙනි
මා දිවි ගෙවූයේ ඔබ ම වෙනුවෙනි,
මා සුරත ඔබ දෑතින් ගිලිහුණ
ඒ අවසන් තත්පරය...
හද ගැඹර විවරව ඔබ දෑසින් ගලා ආ ප්‍රේමය
මා දෑස විනිවිද හද පත්ළ කැළඹූ
ඒ අවසන් නිමේෂය...
කෙලෙස නම් අමතක කරන්නද?
සිඳු සදිසි
අප්‍රමාණ ප්‍රේමයක් අබියස
මගේ කුරා කුහුඹු පෙම
කෙසේ නම් ප්‍රාතිහාර්ය පාන්නද?
ඉදින්,
ඔබ රකින්නට මට බැරි විය.
නමුදු,
ඒ ඔබේ උත්තරීතර දිවි ගමන
මට උරුම කර දුන් පන්නරය
සදා රැකගන්නට මට හැකිය...
ඒ වෙනුවෙන් දිවි ගෙවන්නට මට හැකිය...‘‘
ඒ අවසන් තත්පරය...
හද ගැඹර විවරව ඔබ දෑසින් ගලා ආ ප්‍රේමය
මා දෑස විනිවිද හද පත්ළ කැළඹූ
ඒ අවසන් නිමේෂය...
කෙලෙස නම් අමතක කරන්නද?
සිඳු සදිසි
අප්‍රමාණ ප්‍රේමයක් අබියස
මගේ කුරා කුහුඹු පෙම
කෙසේ නම් ප්‍රාතිහාර්ය පාන්නද?
ඉදින්,
ඔබ රකින්නට මට බැරි විය.
නමුදු,
ඒ ඔබේ උත්තරීතර දිවි ගමන
මට උරුම කර දුන් පන්නරය
සදා රැකගන්නට මට හැකිය...
ඒ වෙනුවෙන් දිවි ගෙවන්නට මට හැකිය...‘‘
පෙම්වත,
ඉදින් මා උන්මාදනීය පෙම්වන්තියකැයි
ඔබ කී වදන් සනාථ නොවන්නෙද?
ඉදින් මා උන්මාදනීය පෙම්වන්තියකැයි
ඔබ කී වදන් සනාථ නොවන්නෙද?
‘‘අයියේ, තීර්ථයෙන් අලුත් සින්දු ටිකක් කරන්න හදනවා. ඔයාගෙනුත් සින්දුවක් ඉල්ලනවා, ලියන්නකො මීනට හරි දුමාල්ට හරි සින්දුවක්...‘‘ මම කීප වතාවක් මංජුල අයියාට ඇවටිලි කළෙමි.
ඔහු උන්නේ බොංචි ගෙදරට සිර වී ගෙන, අන්දරාලා ජිජැක්ලා සමඟ අතීතයේ කරක් ගසමිනි.
‘‘මොන සින්දුද බොල, මං මේ හිරවෙලා ඉන්නෙ...‘‘ එසේ කීයේ වරක් දෙවරක් නම් නොවේ. ඒ අතර හිටිවනම දිනක,
‘‘අඩේ මෙන්න අද සින්දුවක් ලියවුණා. මේක අර මීනා කෙල්ලට නම් මරුවට තියෙයි. මේ වචන ලියවෙද්දි මට මැවුණෙම මීනාගෙ හඬ...‘‘ කෙටි පණිවිඩයක් ලැබිණි.
පසුගිය වප් මහේ 04 වැනි දා ඒ ගීතය මේලයක ඇමිණී අප වෙත ආයේය.
‘‘කල්වාරිමය මොහොතක - මීනා ප්‍රසාදිනීට‘‘ යනුවෙන් මේලය නම් වී තිබිණි.
කල්වාරි සංසාර ගිරි දුර්ගයේ
සංතාප ගී ගයන
උන්මාද පෙම්වන්ති මා.....
උන්මාද ආදරේ
සංතාන අඩවියේ හංගා නොහංගා
සංතාප ගී ගයන
උන්මාද පෙම්වන්ති මා
අළු අඳුරු අහසකට පුළුවන්ද
මුදු ප්‍රේමයක ඔබව සතපන්න
පය ලකුණු කන්දරාවක මතක බිඳ දමා
මට හැකිය ඔය දෙපය සිපගන්න...
එක නිහඬ මොහොතකට පුළුවන්ද
ඔය කුරුසියෙන් ඔබව මුදවන්න
මට හැකිය සංසාරයක් බරට තටු මවා
ඔබ රැඟෙන ඈතකට ඉගිලෙන්න...
මංජුල වෙඩිවර්ධන
2016 ඔක්තෝබර් 04
ඉදින් එකී ගී පද මෙසේ ගීතයක්ව නිමැවිණි. ඒ තීර්ථයේ සහෘදයන්ගේ ඉමහත් පරිශ්‍රමයෙනි.
|
මංජුල වෙඩිවර්ධනයන්ගේ ගේය පද කාව්‍යය හමු වූ තැන් සිට ගීතයක් වන තුරුම, එය දැකුම්කළු සංගීතමය දෘශ්‍ය සිත්තමක් වනතුරුම අතිමහත් ශ්‍රමයක් දැරුවේ දිමුතු ය. දිමුතු ප්‍රදීප් පෙරේරා ය. ගීතය වෙනුවෙන් නැහුණේ ඔහු ය.
තීර්ථය ත්‍රිමූර්තියේ නලින් මංචනායක සේම ප්‍රියංක සමරකෝන් සොයුරෝද ඒ වෙනුවෙන් කැප වී සිටියහ.
නාලක අංජන කුමාර අප මියැසි සහෘදයා දින කීපයක්ම ගීතයේ ස්වර රටා සියුම්ව ඔප් නංවන්නට කාලය, ශ්‍රමය කැපකළේය.
මීනා ප්‍රසාදිනී ආත්මයෙන්ම ගීතයට හඬ මුසු කළාය.
මේ සංගීතමය දෘශ්‍ය සිත්තමේ නිමේෂයෙන් නිමේෂය සියුම්ව එක්තැන් කරමින් පද රටාවට, ස්වර සංකලනයට අපූර්වත්වයක් එක්කරන්නට මහත් උවමනාවෙන් කැපවුණේ සංජීව දේවප්‍රිය සමරකෝන් සොයුරාය. ඔහු තීර්ථයේ නිල ඡායාරූප සහෘදයාය.
එහි මුල්ම හඬ පටය ඇසුණු දා මෙන්ම මුල්ම මියැසි දෘශ්‍ය සේයාපටය දුටු දාද ඇස කඳුළු නැගිණි. ප්‍රේමය අරභයා ලියැවුණු සොඳුරු, හෘදයාංගම ගීතයක් වනු ඇතැයි සිතමි.
තීර්ථයේ කුළුඳුල් ගීත නිර්මාණය ඔබද ආදරයෙන් වැළඳ ගනු ඇතැයි සිතමි.










